ඉන්දියාව කනස්සල්ලෙන් / මහ කොමසාරිස්, ජනපති , අගමැති මුණගැසුණු බව “ද හින්දු” කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ආයෝජනය සඳහා ලබා නොදීමට ගත් තීරණය ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවී ඇතැයි ද හින්දු පුවත්පත පවසනවා.
හින්දු පුවත්පත පවසන්නේ ඉන්දියාවේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා , මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා , ඊයේ දිනයේ දී , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණ ගැසී ඇති බවයි.
2019 වසරේදී ජපානය හා ඉන්දියාව සමග ඇති කරගත් එකගතාවයට අනුව කටයුතු කරන ලෙස මෙහිදී ශ්‍රී ලංකාව වෙත දන්වා ඇතැයි ද හින්දු පුවත්පත නිල නොවන වශයෙන් වාර්තා කර තිබෙනවා.
මේ යටතේ ඩොලර් මිලියන 700ක පිරිවැයකින් යුතුව ආයෝජනයක් සිදුකිරීමට ඉන්දියාවේ අදානි සමාගම හා ජපානය සූදානමින් සිටි බවයි එම වාර්තා පවසන්නේ.
මීට පෙර ද ජපානය විසින් මෙරට තුල ක්‍රියාත්මක කිරීමට නියමිත වූ ඩොලර් බිලියන1.4 ක සැහැල්ලු දුම්රිය ව්‍යෘපෘතිය අවලංගු කිරීම ද ජපානයේ කනස්සල්ලට ලක්ව ඇති බවයි මෙම වාර්තා පවසන්නේ.
ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා තබා ඇති අපේක්ෂාවන් වර්ධනය කිරීමට නම් ආයෝජකයන්ගේ විශ්වාසය හිමිවිය යුතු බවද ඉන්දියාව පාර්ශවය පෙන්වා දී ඇති බවයි හින්දු පුවත්පත පවසන්නේ.

පුවත යවන්න