ඉන්දියාව හා චීනය සබදතා තර කර ගැනීමට සූදානම්

දේශසීමා ආශ්‍රිතව දෙරට අතර පවතින අර්බුධ ඉන්දු චීන සබදතාවයන්ට බාධාවක් නොවිය යුතු බව චීනය පවසනවා.
ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම අවධාරණය කරමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් මේ බව කියා සිටියා.
දේශසීමා ගැටලු සාකච්ජාවෙන් විසදා ගැනීමට දෙරටම කැපවී සිටින බව ද ඔහු අවධාරණය කළා.
පසුගියදා පැවැති 13 වන සමස්ත ඉන්දීය චීන අධ්‍යයන සමුළුවේදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍ය පී ජයශංකර් කියා සිටියේ ඉන්දියාව සහ චීනය අතර සම්බන්ධතාවය තීරණාත්මක මට්ටමක පවතින බවයි.
දෙරට විසින් ගනු ලබන තේරීම් මුළු ලෝකයටම ප්‍රබල ප්‍රතිවිපාක ඇති කරන බවත් ඔහු අවධාරණය කළා.
එබැවින් දෙරටම එම අවදානම සිහියේ තබා ගනිමින් ඉදිරියට යා යුතු බවයි ඉන්දීය විදේශ ඇමතිවරයා අවධාරණය කළේ.
ඔහු ගේ මෙම ප්‍රකාශය චීනය සමඟ ඇති සබඳතාවලට ඉන්දියාව දක්වන වැදගත්කම පෙන්නුම් කරන බවයි චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

පුවත යවන්න