ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව ඒකක 6.6 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
මෙම කම්පන තත්ත්වය ජකර්තා අගනුවරින්ද වාර්තා වූ බවයි සී එන් එන් වාර්තා කළේ.
පොලව මට්ටමේ සිට කිලෝමීටර 37 ක ගැඹුරෙන් කම්පන තත්ත්වය වාර්තා වුණා.
මේ හරහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නොමැති බවයි අමෙරිකානු භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කළේ.