ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ඇමැති මණ්ඩල පත්රිකාවක් තමන් ඉදිරිපත් නොකළ බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසනවා.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 58ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඩීසල් ලීටරයකට රුපියල් 10ක්ද පෙට්රල් ලීටරයකට රුපියල් 17ක්ද ලෙස සංස්ථාව පාඩු විඳින බව තමන් ඇමැති මණ්ඩලයට දැනුම් දුන් බවයි ඇමතිවරයා පවසන්නේ.
භාණ්ඩාගාරය තෙල් මිල පහත වැටී තිබුණු සමයේ ඛනිජ තෙල් මත අය කර ඇති බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වන බවද තමන් පෙන්වා දුන් බව ඇමැතිවරයා කියා සිටියා.
එහි දී ජනාධිපතිවරයාද පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල මෙම අවස්ථාවේ දී ඉහළ දැමිය නොහැකි බැවින් භාණ්ඩාගාරය පනවා ඇති බදු අඩු කළ යුතු බව යැයිද තමන්ගේ අරමුණ වූයේද එය බවයි ඇමතිවරයා පවසන්නේ.