චීනයේ උයිගර් ජන කොට්ඨශයට එරෙහි ක්‍රියාකාරකම් පිළිබද ලෝකය විශේෂ අවධානයක් යොමුකළ යුතු බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පවසනවා.
විශේෂ ලිපියක් රචනා කරමින් එහි ලේඛිකා ඊවා ඩූ පවසන්නේ උයිගර් ජන කොට්ඨාශය මේ වන විට චීනයේ සිරකරුවන් බවට පත්ව ඇති බවයි.
උයිගර්වරු යනු චීනයේ වයඹදිග ෂින්ජියැන්ග් ප්‍රදේශයේ ඉතිහාසයේ සිට ජීවත් වන වූ තුර්කි ජන කොට්ඨාහයක් වන අතර ඔවුන් සම්ප්‍රදායික චීන වැසියන් ලෙස සැලකෙනවා.
උයිගර්වරු මිලියන 12 ක් පමණ සින්ජියැන්ග් හි වෙසෙන අතර ආගමික වෙනස්කම් මුල් කර ගනිමින් දශකයක පමණ සිට එම ජන කොටස පීඩාවට පත් කරන බවටයි චෝදනා එල්ලවන්නේ.
ඒ අනුව මහා පරිමාණ කදවුරු තුල එම ජනතාව රදවා තිබීම , උපත් පාලනය, බලහත්කාර වන්ධ්‍යකරණය ආදී මානුෂීය අපරාධයන්ට එම ජනතාව ගොදුරු වන බවද මෙම වාර්තාවේ සදහන්.
එම කදවුරු නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තරයට අවසර ලබාදී නැතැයි ද මෙම වාර්තාව පවසනවා.
පසුගියදා බී බී සී නාලිකාව චීනයේ තහනම් කර තිබුණේ ද මේ සම්බන්ධයෙන් ගවේෂණාත්මක අනාවරණයක් සිදුකිරීමෙන් පසුවයි.
කෙසේ වෙතත් චීනය මෙම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කර තිඛෙනවා.
තම රටේ අභ්‍යන්තර ගැටළුවලට අත පෙවීමෙන් වළකින ලෙසයි එරට ජාත්‍යන්තරට දැනුම්දී ඇත්තේ.