කාලගුණය ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය අඩුපීජන කලාපයක් දක්වා වර්ධනය වී තිඛෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එය මේ වන විට දිවයිනට ගිණිකොණ දිශාවෙන් ස්ථානගත ඇති බවයි.

මේ හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුළුවලින් බරව පවතිනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

උතුරුල නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිගමී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු ඇති වේ.

පුවත යවන්න