ආණ්ඩුව ක්‍රියාත්මක කරන අත්තනෝමතික වැඩපිලිවෙල හේතුවෙන් ජනතාවට කොරෝනා වසංගතයේ වඩාත් හානිකර ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවී ඇතැයි , සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා අද ප්‍රකාශ කළා.
ඒ සමගි ජන බලවේගය අද සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.
මේ වන විට කොරෝනා මරණ 9,000 ක් ඉක්මවා යාමේ වගකීම සෞඛ්‍ය අංශ වෙත පැටවීමකින් තොරව එහි වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතුව ඇතැයි ද ඔහු පැවසුවා.
මේ අතර අවුරුදු 30 ඉක්මවූ සියයට 100 ක පිරිසකට කොරෝනා එන්නත් ලබාදුන් බවට දත්ත නිකුත් කර තිබුණ ද කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික් කිහිපයක සැලකිය යුතු පිරිසකට කොරෝනා එන්නත් මේ දක්වා ලැබී නොමැති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
රට දියුණු කරන බවට ආණ්ඩුව බලය ලබාගැනීමට පෙර ප්‍රතිඥා ලබා දුන්න ද රට මේ වන විට පෝලිම් යුගයක් කරා ගෙන යමින් පවතින බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.
මේ අතර කොරෝනා වසංගත හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබාදෙන රුපියල් 2,000 ක දීමනාව ප්‍රමාණවත් නොවන අතර ම එය රුපියල් 5,000 ක් විය යුතු බවද මන්ත්‍රීවරයා පවසනවා.
එසේම මෙම දීමනාව ලැබිය යුතු ජනතාවට නොව දේශපාලන හිතවත්කම් මත ලබාදෙමින් පවතින බවටද මන්ත්‍රීවරයා චෝදනා කළා.(Media unit)
https://www.facebook.com/JCAlawathuwalaOfficial/videos/923221468405861