කොළඹ ගාලු මුවදොර පිටිය ප්රදේශයේ පැවැත්වෙන විරෝධතාවය 06 වන දිනටත් අඛණ්ඩව පැවැත්වේ.
දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින මෙම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රෑ සිය විරෝධතාවයේ නිරත වී සිටී.
මේ අතර එම ස්ථානයේදී අලුත් අවුරුදු චාරිත්ර ඉටු කිරීමට ද විරෝධතාවට සම්බන්ධ පාර්ශව කටයුතු කර තිබුණා.