පන්දහසේ දීමනාව පුද්ගලික අංශයට දෙන්න හාම්පුතුන් විරුද්ධ වෙයි

රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන රුපියල් පන්දහසේ මාසික සහන දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම පුද්ගලික අංශයේ හාම්පුතුන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම දීමනාව ලබා දීමට පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකඟතාව පළ කර ඇති නමුත් අදාළ සාකච්ජාවලදී මෙම විරෝධය පලවූ බවයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

මෙම දීමනාව පුද්ගලික අංශයට ලබාදීම සඳහා අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ උපදෙස් අපේක්ෂා කර ඇති බව ද වාර්තා වුණා.
ඊට අදාළව ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
එම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නියෝජිතයන් හා හාම්පුතුන් සමග තමා දිගින් දිගටම සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා මෙමගින් දැනුම් දී තිබෙනවා.

පුවත යවන්න