මහියංගනය සිට වව්නියාව බලා ධාවනය වන ලංගම බස් රථයක් සහ බකමූණ, පොල්අතුවාඩිය ප්රදේශයේ සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් ඉතා අනාරක්ෂිත ලෙස මාර්ගයේ ධාවනය කරනු ලැබු දර්ශන පෙළක් බස් රථයක ගමන් ගත් මගියෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබෙනවා.
මේ අතර, එම ලංගම බස් රථයට බකමූණ නගරයේ දී සුදු පැහැති වෑන් රථයක් හරස්කොට නතර කර බසයේ රියදුරුට පසුගිය 18 වන දා පහර දී තිබු අතර එම පහරදීම හේතුවෙන් රියදුරු 20 වන දින දක්වා මහියංගනය රෝහලේ ප්රතිකාර ලබා නැවත සේවයට වාර්තා කොට ඊයේ (21) ගමන් කරමින් සිටිය දී මෙලෙස මාර්ගය හරස් කළ බව ලංගම බස් රථයේ රියදුරු පෙන්වා දෙන්නේ.
මෙම අනතුරුදායක ගමනට සම්බන්ධ පුද්ගලික බස් රථයේ රියදුරු ද පසුගිය 18 වනදා පහරදීමක් සිදුවූ බව පවසමින් රෝහල්ගතව ඇති බැවින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් පසුගියදා පස්සර දී ජීවිත 15ක් අහිමි කළ රිය අනතුර සිදුවූයේ ද මෙසේ නිසි සැලකිල්ලකින් තොරව අපරීක්ෂාකාරී රිය ධාවනයයි.