‘පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රශ්නාර්ථ තියෙනවා’ -කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්වීමේ යම් ගැටළු සහගත තත්ත්වයන් පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද (17) පැවති අළු බදාදා දින දිව්‍ය පුජාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ,

“මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් පැවැත්වීගෙන යන වැඩපිළිවෙල අපිට සෑහිමකට පත්වෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නෑ.මේකේ හුඟාක් ප්‍රශ්නාර්ථ තියෙනවා. මේ ඝාතනය සංවිධානය කළ එකක් බව අපි දන්නවා.

මේ රටේ කණ්ඩායම් වෙන්න පුළුවන් පිටරටවල්වල කණ්ඩායම් වෙන්න පුළුවන් අපේ සහෝදර සහෝදරියන් 269දෙනෙකුගේ ජීවිතය මෙම දේවස්ථානයේ දීම නැති කරපු ඒ මහා ආත්මාර්ථකාමීත්වයට මේ රට නැති කිරීමට ඉඩනොදී මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා බලා ඒකට අවශ්‍ය නීතිරීති සපයන්නට අපි කටයුතු කරන්නට ඕනේ.

අපි දෙවියන් වහන්සේගේ උසාවියට මේ කාරණාව භාරදෙමු.“

පුවත යවන්න