බයිඩන්, බොරිස් එකම මතයක

කොරෝනා වසංගතයේ ආරම්භය පිළිබද සැබෑ දත්ත හෙළිකරන්නැයි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් චීනයට සිදුකළ දැනුම්දීමට බ්‍රිතාන්‍ය සහාය පළ කර තිඛෙනවා.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මේ බව සදහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණ වාර්තාව පිළිබද මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් සිදුකරමින්.
වසංගතයේ ආරම්භය පිළිබද සත්‍ය තොරතුරු ලබා නොදුන් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට චෝදනා කර තිබුණා.
එහි දැක්වුණේ වසංගතය ආරම්භයේදී චීනය ලබාදුන් දත්ත නිවැරදි නොවන බවයි.
එසේම පළමු ආසාදිතයන් 174 දෙනා පිළිබද වාර්තා ලබාදීමද චීනය ප්‍රතික්ෂේප කළ බව පර්යේෂකයන් අනාවරණ කලා.
ඒ අනුව වෛරසය ව්‍යාප්තියේ ආරම්භක අවධිය පිළිබද ලෝකයට හෙළිකරන ලෙසයි අමෙරිකානු හා බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයන් චීනයෙන් ඉල්ලා ඇත්තේ.

පුවත යවන්න