බාධක මැද නව ගමනක් යනවා / දැඩි තීන්දු තීරණ ගන්නත් සුදානම් – ජනපති

ජනතාව ලබා දුන් ජනවරමේ අභිලාෂයන් ඉටු කිරීමට තමන් සුදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කෝට්ටේ සංඝ සභාවෙන් ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය ප්‍රදානය කිරීම වෙනුවෙන් අද  පැවති උත්සවයේදීය.

මෙතෙක් මුහුණදී ඇති බාධක ජයගෙන නව ගමනක් යෑමට තමන් සුදානම් බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

ඒ සදහා දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවේ නම් ඊට ද තමන් සුදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළා.

“ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳි සාමයෙන්, සහජීවනයෙන් ජීවත් වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ආගමික, ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත්වීමට ඇති අයිතිය මම හැමවිටම සුරකිනවා. මෙතෙක් අප ගමන් මගේ දී මුහුණදීමට සිදු වූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යෑමටත්, මා මෙරට ජනපති ලෙස තෝරා පත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරදීමටත් මා සුදානම්.”

“ඒ සඳහා ගත යුතු දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම්, ඒ සඳහාත් මා සුදානම් බව මේ අති පූජනීය, ගෞරවනීය සංඝරත්නය ඉදිරියේ වගකීමෙන් ප්‍රකාශ කරනවා.

පුවත යවන්න