බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස නම් කරමින්, අතිවිශේෂ ගැසට් පත්රයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින්.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ, ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළ ජයන්ත කැටගොඩ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය වෙනුවෙන්, බැසිල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.