බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එල්ලවන බලපෑම් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රටට නායකත්වය ලබාදීම හෝ ධුරයෙන් ඉල්ලා අස්වීම හෝ යන කරුණු දෙකෙන් එකක් සිදුකරන ලෙස පාලක කන්සවේටිව් පක්ෂයේ ප්‍රබලයින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුසු නොවන අතර ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි කම්කරු පක්ෂ නායකයා පවසන්නේ. පසුගිය වසරේ මැයි මස 20 වනදා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සාදයක් පැවැත්වූ බවට අනාවරණය වීමත් සමඟයි අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් අස්වන ලෙස බලපෑම් එල්ලවන්නේ. එම කාලසීමාවේ දී වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය සම්පූර්ණයෙන් වසාදමා තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පුළුල් විමර්ශනයක් සිදුවනවා. කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ සමාව ඉල්ලා සිටියා.