අමෙරිකාව, පකිස්තානය පදනම් කරගත් මිනිස් ජාවාරම් සංවිධානයකට සම්බාධක පනවා තිබෙනවා.
ජාතික ආරක්ෂක අවදානමක් ඇති විය හැකි විදේශිකයන් ද ඇතුළුව අමෙරිකාවට සංක්‍රමණිකයන් ඇතුළු කිරීමේ චෝදනාවට සම්බන්ධ වූ සංවිධායනයකටයි මෙම තහනම පනවා ඇත්තේ.
අමෙරිකාවට පිවිසීමට තහනම් කර ඇති පුද්ගලයන්ට පවා මේ යටතේ අමෙරිකාවට පිවිසීමට අවස්ථාව හිමිකර දී ඇති බවට ද චෝදනා එල්ලවනවා.
මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමේ අවශ්‍යතාවය ද අමෙරිකාව විසින් පකිස්ථානයට අවධාරණය කර තිබෙනවා.