මෙරට තරුණියන් ඕමානයේ සුල්තාන්වරුන්ට විකිණු ජාවාරමක් හෙළිවෙයි

මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය වව්නියාව, පූවරසන්කුලම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාදෙන බවට පවසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල යෙදවූ බවට සැකකෙරෙන මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

විවිධ හිංසනයට ලක් වූ කාන්තාවන්ගෙන් ලද තොරතුරු මත එම කාන්තාවගේ මිනිස් ජාවාරම් පිළිබඳව තොරතුරු හෙළි වී තිබුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා..

අදාල කාන්තාවට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිදුකළ පැමිණිල්ලකට අනුවල විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් මධුෂිකා වාසල මහත්මියගෙන් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණා.

සැකකාර කාන්තාව හා තවත් පිරිසක් එක්ව මෙම මිනිස් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර තරුණ රූමත් කාන්තාවන්ට රැකියා ලබා දෙන බව පවසා ඔවුන්ව ඕමානයට රැගෙන ගොස් එහිදී එරට සුල්තාන්වරුන්ට අලෙවිකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළා.

සැකකාර කාන්තාව පසුගිය පෙබරවාරි 25 වෙනි දින ඕමානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, දින 14ක නිරෝධායන සඳහා ඇය වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට තිඛෙනවා.

අද  නිරෝධායනය අවසන් වී ඉන් පිටතට පැමිණි මොහොතේ ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත්වරියගෙන් ලද නියෝගය මතයි.

සැකකාරිය වව්නියාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිඛෙනවා.

පුවත යවන්න