Skip to content
නැගෙනහිර යුක්රේනයේ නව ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කිරීම සඳහා යුක්රේනය මෙතෙක් සූදානම් නොමැති බව යුක්රේන ජනපති විලැද්මීර් සෙලෙන්ස්කි දැනුම් දී තිබෙනවා.
අද යුක්රේන ජනපතිවරයා සදහන් කළේ ,මේ වන විට නැගෙනහිර යුක්රේනයේ තත්ත්වය ද දුෂ්කර බවයි.
අව්ඩිව්කා නගරය රුසියානු වටලෑමක අවදානමේ පවතින අතර ආයුධ හිඟය තත්ත්වය දුෂ්කර කරන බව හෙළිකර තිබෙනවා.
කෙසේ වෙතත් අප්‍රේල් හෝ මැයි මාසය වන විට මහා පරිමාණ ප්‍රතිප්‍රහාර සඳහා යුක්රේනයට හැකියාවක් බවතින බවයි හෙළිකර ඇත්තේ.
මේ අතර වැග්නර් කුලී හමුදා ප්‍රධානී ඉව්ජෙනි ප්‍රිගෝෂීන් සදහන් කළේ බක්මූට් නගරයට මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කිරීමට යුක්රේනය සූදානම් බවයි.
ඒ අනුව 80,000 ක් තරම් යුක්රේන භට පිරිසක් බක්මූට් සිට ඩොනෙට්ස්ක් නැගෙනහිර සීමාවට කැදවා පවතින බවයි හෙළිකර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස රුසියානු හමුදා ප්‍රධානීන් වෙත ද දැනුම් දී තිබෙනවා.