ලංකාවේ ඉරණම වෙනස් කරන්නේ අමෙරිකානුවෙක් / මන්ත්‍රී උදය ගම්මන්පිල

අවලස්සන ඇමරිකානුවෙකු ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව සදහන් කළේ අද (04) පැවති ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක් විසින් පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුව හා එක්වෙමිනි.

ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති අයකු විසින් රටේ ආර්ථිකය මෙහෙය වීම නිසා අපේ රට දිනෙන් දින ආගාධයට ඇද වැටෙන බව අපි දිගින් දිගටම මුලින්ම ඇමති මණ්ඩලය තුළත් ඇමති මණ්ඩලය තුළ කතා කරලා පලක් නැති තැන ඇමති මණ්ඩලයෙන් පිටතත් කරුණු දක්වන්න පටන් ගත්තා. ඒ වගේම අපි ඇමැති මණ්ඩලය තුළ දිගින් දිගටම සටන් කළේ මේ අර්බුදයට විසඳුමක් පේනතෙක් මානයක නැති වුණාම ජනතාව වික්ෂිප්ත වෙනවා වහාම විසඳුමක් හදමු කියන එක. ආණ්ඩුව ඇතුළේ ඒ විසඳුම සකස් කිරීම සිද්ධ නොවුන නිසා අපි මුලු රටම හරි මගට යනුවෙන් මේ තියෙන අර්බුදයෙන් ගොඩ යන්න විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ විසඳුම විෂඳුමක් වගේ දැකලා විසඳුම ක්‍රියාත්මක කරනවා වෙනුවට විමල් වීරවංශ ඇමතිතුමාවත් මාවත් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කරල තියනවා. ඒක හරියට හඳේ ආවාට පෙන්නන්න ඇඟිල්ල දිගු කළහම හඳෙ හාවා දෙස බලනවා වෙනුවට දිගු කළ ඇඟිල්ල කපා දැමුවා වගේ වැඩක් . ඒ නිසා දැන් සදාකාලික අමාවක උදා වීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා.

ඒ වගේම අපිට හිතෙනවා 1958 දී ඇමෙරිකානු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා The Ugly American අවලස්සන ඇමරිකානුවා . සිංහලටත් ඒක පරිවර්තනය වෙලා තියෙනවා අවලස්සන ඇමරිකානුවා කියලා. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යළි ශ්‍රී ලංකාවේ ලියැවෙමින් පවතිනවා . ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්න අපිට සිද්ධවෙලා තියනවා . මම මේ අලුත් ආණ්ඩුව පත් වෙච්ච දවසේ සිට ඊයේ දක්වාම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙක් ඒ නිසා ඒ කාලේ වෙච්ච දේවල් ලිඛිතව මට සමාජය රට හමුවේ තියන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා.

පුවත යවන්න