ශ්‍රී ලංකාවේ දැනට පවතින කොරෝනා වෛරස ප්‍රභේදය වැළදීම සියයට 90කින් වැළැක්වීමට මෙරට දී ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නතට හැකියාව පවතින බව ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය , හේමන්ත දොඩම්පහල මහතා පවසනවා.
එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු එහි සාර්ථකත්වය සියයට 70 ත් 90 ත් අතර පවතින බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව ලංකාවේ කොරෝනා ප්‍රභේදය මර්දනය සඳහා ඇස්ට්රසෙනිකා එන්නත ඉහලන මට්ටමක සාධනීය බවත් දක්වන බවයි මහාචාර්යවරයා පවසන්නේ.
කෙසේ වෙතත් ලංකාවට මෙතෙක් ළගා නොවූ දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය වැලැක්වීමට මෙම එන්නතට පවතින්නේ සියයට 20ක පමණ අවම හැකියාවක් වනවා.
ඒ අනුව ඇස්ට්රසෙනිකා එන්නතක් ලබාගත් පුද්ගලයන්ගෙන් සියයට 80 කට පවා දකුනු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය ආසාදිනය වීමේ අවදානමක් පවතිනවා.
ඒ අනුව එම ප්‍රභේදය මෙරටට ළගාවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා පැවසුවේ.