ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රිකට් ක්‍රීඩාංගය නිල වශයෙන් විවෘත කර තිබෙනවා.
එහි මංගල තරගය ලෙසින් ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 3 වැනි ටෙස්ට් තරගය ඊයේ (24 වැනිදා) දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ කෙරුණා.
110,000 ක ආසන ධාරිතාවකින් යුත් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙය සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය ලෙසද නම් කර තිබෙනවා.
එසේම ලෝකයේ අලංකාරම ක්‍රිකට් ක්‍රීඩාංගන අතරටද එය එක්වන බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ.