ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කරයි

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රිකට් ක්‍රීඩාංගය නිල වශයෙන් විවෘත කර තිබෙනවා.

එහි මංගල තරගය ලෙසින් ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 3 වැනි ටෙස්ට් තරගය ඊයේ (24 වැනිදා) දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ කෙරුණා.

110,000 ක ආසන ධාරිතාවකින් යුත් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙය සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය ලෙසද  නම් කර තිබෙනවා.

එසේම ලෝකයේ අලංකාරම ක්‍රිකට් ක්‍රීඩාංගන අතරටද එය එක්වන බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ.

පුවත යවන්න