ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර හමුවී වසරක් පමණ වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පවසනවා. කොවිඩ් වසංගත තත්වය මත මෙය සඟවාගෙන සිටි බවයි ඒ මහතා නාරාහේන්පිට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේදී ප්‍රකාශ කළේ.
“වසරක් වෙනවා මේ මැණික් ගල හමු වෙලා. මම ඒ ගැන දැනුවත් වෙලා හිටියා. ලොහාන් රත්වත්තේ මහතා උපදෙස් දුන්නා මේ මැනික් ගල ආරක්ෂා කරන්න. මෙහි වටිනාකම සොයා බැලුවා. රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ කහවත්ත ප්‍රදේශයේ දී මේක සොයා ගත්තා. බලපත්‍රය හිමි කෙනෙක්ට මේ ගල හමු වී තිබුනා.කිලෝ 510. මෙතෙක් ලෝකයේ ලැබුන විශාලම මැනික. බදන්න බැරි ගලක්. ස්ටර් සෆායර් නැමැති වර්ගයේ මැකක් මේක. බොහොම දුර්ලභයි.
ඊයේ BBC පුවත් වලට අපි මේක ප්‍රසිද්ධ කලා. මේක ගිනස් පොතට යාවි. ඩොලර් මිලියන 100 කට වඩා වටින බව අපේ අය පවසනවා.
මෙකට විශාල ඉල්ලුම් තියනවා. මේකට වඩා විශාල ඉල්ලුමක් තිබේවි යැයි අපි සිතනවා. සෙරෙන්ඩිප්පිටි නමින් අපි මේක නම් කළා. මේකෙන් 2.5% දේශිය ආදායම් එකට යනවා. අපි මේක හංගෙන හිටියේ කොවිඩ් නිසයි.
මේ රට ඇතුලේ විශාල සම්පත් තිබෙන බව මම දන්නවා. අපි දැනටත් මැනික් ගැරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා.සමහර NGO පරිසරවේදීන් මේකට ගෑ ගහනවා. NGO වලට මම අභියෝග කරනවා.
2021 සිට 2025 වන විට අපනයන කරන්න විශාල අරමුණක් තිබෙනවා.”