ලෝකයේ බොහෝ රටවල ගෑස් අනතුරු සිදුවන බව පාරිභෝගික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලෝකයේ දියුණු රටවල් හා සමානව අප රටද ගෑස් අනතුරු සම්බන්ධයෙන් යම් සුභවාදී තත්ත්වයක සිටින බවයි
ගෑස් අනතුරු සිදු නොවන රටක් ලෝකයේ නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
ලෝකයේ දියුණු රටවල් දෙස බැලීමේදී රටක් ලෙස අප සතුටුවිය යුතු බව ද ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.
ගෑස් සිලින්ඩර ලක්ෂ 350ක් පමණ වසරකට එක් සමාගමක් විසින් වෙළදපොළට නිකුත් කරන බවත් අනතුරු පහක් පමණ සිදුව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.