ජාතික කොඩිය මේ උපන් බිමේ ඕනෑම තැනක ඔසවන්න පුළුවන් අවස්ථාව සකසා දුන් ධෛර්ය සහ පන්නරය තවමත් ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පැවසුවා.
ජාතිය අමතමින් විශේෂ ප්රකාශයක් සිදුකරමින් අග්රාමාත්යවරයා මේ බව සදහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්රාමාත්යවරයා පැවසුවේ පවතින අර්බුදයෙන් ගොඩඒම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවයි.
අග්රාමාත්යවරයා සිය ප්රකාශයෙන් වැඩිදුරටත් පැවසුවේ අහිමි වීම වගේම අත්හැරීමත් දේශපාලනයේදී හොඳින් පුරුදු බවයි.
විරෝධතා සිදුකරන සෑම මොහොතකදීම රටට ඩොලර් අහිමිවන බවද අගමැතිවරයා පැවසුවා.
දේශපාලන පිළිබද විශ්වාසය අහිමිවීම බරපතල තත්ත්වයක් වන අතර එය අතීතයේ මෙන් අදුරු යුගයකට රට ඇදදැමීමේ අවදානමක් බවයි අගමැතිවරයා සදහන් කළේ.