වීඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින් ස්මාර්ට් මුහුණු ආවරණයක් සාදා ඇත. මයික්‍රෝෆෝනයකින් සමන්විත වන එය ලොව ඇති විශිෂ්ඨතම මුහුණු ආවරණය ලෙස ඔවුහු හඳුන්වති.
CES (Consumer Electronics Show) තාක්ෂණික සමුළුවේදී එළිදක්වන ලද මූලාකෘතිය නිමවා ඇත්තේ පරිශීලකයින්ගේ හඬ වැඩි කර පිටතට ඇසෙන ලෙසය. මෙයින් මුහුණු ආවරණ පැළඳ කතා කිරීමේ අපැහැදිලි බව මඟ හැර ගත හැකිය.
මෙය සැලසුම් කර ඇත්තේ වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදිය. පිටතින් සිසිල් වාතය ඇද ගන්නා අතරම උණුසුම් හුස්ම පිට කරනු ඇත.
සමාගම පවසන්නේ මෙය N95 ශල්‍ය මුහුණු ආවරණයක් ලෙස වර්ගීකරණය කර ඇති බවය. කෙසේනමුත් බීබීසී සේවය මෙම නිෂ්පාදනය සමාලෝචනය කර නොමැත.
මුහුණු ආවරණය විනිවිද පෙනෙන ප්ලාස්ටික් වලින් නිමවා ඇති අතර, මෙමඟින් මිනිසුන්ගේ තොල්වල රටා කියවීම සහ මුහුණේ ඉඟි ලබා ගැනීම පහසු කරයි.
කෙසේනමුත් විනිවිද පෙනෙන මුහුණු ආවරණ යනු නවෝත්පාදනයක් නොවන අතර, මේ වන විට ද එවැනි නිෂ්පාදන වෙළෙඳපොලේ ඕනෑ තරම් තිබේ. කෙසේවෙතත් සමාගම පවසන්නේ මෙම මුහුණු ආවරණයේ “අඩු ආලෝකය යටතේ ක්‍රියාකරන ක්‍රමයක්” ඇති බවය
එයින් අදහස් කරන්නේ අඳුරු ස්ථානයක මුහුණු ආවරණයේ අභ්‍යන්තරය ස්වයංක්‍රීයව ආලෝකමත් වන බවය. එයින් ඔබේ මුව ද ආලෝකමත් වේ.
රේසර් සමාගම කියා සිටින්නේ මෙයින් ඔබට “ආලෝකකරණ තත්වයන් නොසලකා හැර පැහැදිලිව ප්‍රකාශ කිරීමට ඉඩ සලසන” බවය.
නමුත් රේසර් සමාගම පවසන්නේ සිලිකන් රවුමක් සවි කර ඇති නිසා එය පැළඳ සිටීම පහසු වන අතර, මුහුණ ආවරණය ඔබේ මුඛයේ වැදීමෙන් වළක්වන බවය.
කන් පෙති වටා යොදන පුඩුව පළල්ව නිමවා ඇති නිසා ඔබේ කනට දැනෙන පීඩනය ද අවම බව සමාගම පවසයි.
පේටන්ට් බලපත්‍රයක් සහිත මුහුණු ආවරණයේ “වොයිස්ඈම්ප්” අංගය මෙහි වඩාත්ම තාක්ෂණික වශයෙන් දියුණු අංගයකි.
සමාගම පවසන්නේ අභ්‍යන්තර මයික්‍රෆෝනය සහ විකාශන යන්ත්‍රය ඔබේ කටහඬ වඩාත් පැහැදිලි කරන බවය.