ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති මන්දිරයේ දී අද (11) පස්වරුවේ දිවුරුම් දී තිබෙනවා.
කෘෂිකර්ම රාජ්‍ය ඇමති වරයා ලෙස කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර මහතා මෙසේ පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ද වන ශාන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ඉවත්ව මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙකි.