සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට මාරු කරයි

කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (28 වැනිදා) රාත්‍රියේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර කර තිඛෙනවා.

රත්මලාන ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අයි.ඩී. එච් රෝහලට මාරු කර ඇත්තේ.

කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ​ ගැනීමෙන් පසු ඇය හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියා.

පසුව ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කරනු ලැබු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අනතුරුව මෙසේ අයි.ඩී.එච් රෝහලට මාරු කර තිඛෙනවා.

 

පුවත යවන්න