Skip to content
LankaAnews
Search
Search
ප්‍රධාන පුවත්
දේශපාලන
විශේෂාංග
ලෝකය-වටා
භූ-දේශපාලනය
විදෙස්ගත-ලාංකිකයන්ට
සංචාරය
දේශපාලන
ප්‍රධාන-පුවත්
වැඩියෙන්-නැරඹූ
හේමා ප්‍රේමදාස නිල නිවස භාරදෙයි
April 3, 2023
LankaAnews
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබාදී තිබු කොළඹ නිල නිවෙස ඇය වසර 30කට පසු රජයට පසුගිය 31 වැනිදා සිකුරාදා බාර දී තිබෙනවා.
සෑම හිටපු ජනපතිවරයකුටම ව්‍යවස්ථානුකූලව නිල නිවෙසක් හිමිවන අතර හිටපු ජනාධිපතිවරයකු මිය යෑමෙන් අනතුරුව එම නිවෙස ඔහුගේ බිරිඳට පාවිච්චි කිරීමට අයිතිය හිමිවෙයි.
මේ අනුව ප්‍රේමදාස මහත්මියටද ඒ පදනම අනුව රජයෙන් නිල නිවෙසක් හිමිව තිබිණ. එහෙත් ඇය මෙම නිවෙස පාවිච්චි කර නොතිබූ අතර ප්‍රේමදාස මහත්මිය පදිංචිව සිටියේ ඇයගේ පෞද්ගලික නිවෙසේය.
මේ අනුව ඇය නිල නිවෙස රජයට නැවත බාර දුන් බව සමගි ජන බලවේග පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර හේමා ප්‍රේමදාස මහත්මිය රජයේ නිල නිවෙසක් ලබා ගැනීම ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීහු පසුගිය දිනවල දැඩි ලෙස විවේචනය කළහ.
පුවත යවන්න
Post navigation
ඇඟළුම් අපනයන ආදායම පහතට – ශ්‍රී ලංකා මහ බැංකුව
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යනයට නීතීඥ සංගමයෙන් කමිටුවක්