”2015 පිපිරිච්ච ගෑස් එකක් නැහැ. ගෑස් සමාගම්වල ලොක්කො ඉල්ලා අස්විය යුතුයි”

චීන පොහොර නැවට මුදල් ගෙවීම පිළිබද එකග නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පක්ෂ මුලස්ථානයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

අදාළ පොහොර ගෙන ගෙන්වීමට කටයුතු කළ දේශලනඥයින් සහ නිලධාරීන් සොයා දඩුවම් දියයුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

වැරදි කළ පුද්ගලයින්ගෙන් අදාළ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතු බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේ.

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අදාළ සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල ඉල්ලා අස්විය යුතු බවයි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතය වන්නේ.

2015 සිට ගෑස් පිපිරිම් සිදුවන බවට එල්ලවන චෝදනාවන්ට ද මෙහිදී හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා.

”ඔක්කොටම අල්ල ගන්නවා 2015, 2015 – 2019 වෙච්ච ඒවා නොකරන්නනේ මේ ආණ්ඩුව ආවේ. 2015 පිපිරිච්ච ගෑස් එකක් නැහැ. පල්බොරු ඔවා,”

පුවත යවන්න