කොරෝනා වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ නැවත පාසල් ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ටල සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා ලෙසයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.
පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණියේ හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාව දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන්නේය.
මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබා දීමේ වැදගත්කම ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.