ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකුටත් කොරෝනා

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිඛෙනවා.

පසුගියදා නිමාවට පත්වූ එංගලන්ත තරග සංචාරය සදහා ද ඔහු එක්වූ අතර මෙරටට පැමිණි පසුව පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කර තිබුණා.

එංගන්ත කණ්ඩායමේ ක්‍රිඩකයින් තුන් දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වුණා.

කෙසේවෙතත් එංගලන්ත සංචරයට එක්වු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සියලු දෙනා කොළඹ හෝටලක නිරෝධායනය සදහා යොමු කර තිඛෙනවා.

පුවත යවන්න