කිහිපවරක් රට වසා තැබීම හේතුවෙන් රටට මුදල් ලැබුණු ක්‍රමවේද අවහිර වී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
රට හැකි ඉක්මනින් විවෘත විය යුතු බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ඒ තුළින් රජයට සහ ජනතාවට මුදල් ගලාඑන ක්‍රමවේදය යළි සක්‍රීය වනු ඇති බවයි.
නිසි ආර්ථික කළමණාකරණයක් මගින් ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන බව ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළා.