ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිඛෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදීයි.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ද මෙම හමුවේ ප්‍රධාන අරමුණක් වී ඇති බව වාර්තා වේ.
විපක්ෂ නායකවරයා ප්රමුඛ සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විස්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබු අතර ඊට අදාළ විවාදය හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කරුණු 10කින් සමන්විතව මෙම විස්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණා.