ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිවකු ප්‍රකාශ කර නොමැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් පසුව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
ලැඛෙන සෑම ඇමතිකමක්ම හොද ඇමතිකම් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් පිරිසක් ද එක්ව සිටියා.