කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් අද අදහස් පල කළා.
ඒ ජනමාධ්‍ය වේදීන් පිරිසක් සමඟ පැවැත්වූ සාකච්ජාවක් අතරතුරයි.
එහිදී තානාපතිනිය කියා සිටියේ ඉන්දියාව කොළඹ වරායේ ආයෝජනයක් සඳහා එක්වීම ලංකාවේ නාවික අනාගතයට සුබදායක බවයි.
එය මෙරට ප්‍රති අපනයන ආදායම් හා කාර්යක්ෂමතාවයන් වර්ධනය කරනු ඇතැයි යන්න අමෙරිකාවේ අපේක්ෂාව බවයි තානාපතිනිය පැවසුවේ.
පුද්ගලික අංශය සමග එක්ව ආයෝජන සිදුකිරීම ශ්‍රී ලංකාවට පවතින හොඳම ආර්ථික විසදුමක් බවද ඇය පැවසුවා.