කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 976 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,820ක්.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 327,019ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,487ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 290,794ක්.