පාන් ඇතුළු ඛේකරි නිෂ්පාදන පැවති මිලට ම අලෙවි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පිට පළාත් ඛේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ ඛේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමකින් තොරව අලෙවි කරන බවයි.
කෙසේවෙතත් සමස්ත ලංකා ඛේකරි හිමියන්ගේ සංගමය සදහන්කර තිබුණේ අද සිට පාන් ඇතුළු සියලු ම ඛේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බවයි.
ඒ අනව පාන් මිල රුපියල් 5කින් සහ අනෙක් ඛේකරි නිෂ්පාදන රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ඛේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණා.