නැගෙනහිර පර්යන්තය ගැන ඉන්දීය මාධ්‍ය කියන කතා

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාව සම්බන්ධ කර ගැනීමට දෙරට අතර එකඟතාවයක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව පසුගිය ජනවාරි 6 වනදා ලංකාවේ සංචාරය කළ ඉන්දීය විදේශ අමාත්‍ය පී ජයශංකර් මහතා හා මෙරට බලධාරීන් එම එකඟතාවයට එළඹ ඇති බවයි එම වාර්තා පවසන්නේ.

2019 වසරේදී ජපානය හා ඉන්දියාව සමග මීට අදාළ ගිවිසුමකට එළඹුණ ද නව රජය විසින් එය සළකා බැලීම සඳහා කාලය ලබාගත් බවද එම වාර්තා පවසනවා.

කෙසේ වෙතත් මෙම එකගතාවයට විරෝධය පළකරමින් වරාය වෘත්තීය සමිති හා පාර්ශව ගණනාවක් කටයුතු කරමින් සිටිනවා.

කෙසේ වෙතත් චීනයේ බලපෑම් අනුව ශ්‍රී ලංකාව හා රටවල් කිහිපයක් අතර මෙවන් ගැටළුකාරී තත්ත්වයන් මතුව ඇතැයි ද ඉන්දියාව පාරශවයෙන් චෝදනා එල්ල වුණා.

නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සම්බන්ධ අදානි සමාගම ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන අතර එහි ලාංකීය ව්‍යාපාරික කොටස්කරු ලෙස ජෝන් කීල්ස් සමාගම කටයුතු කරන බවද එහි සදහන්.

කෙසේ වෙතත් සියයට 49ක කොටස් අයිතිය සමග නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ඉදිරි පියවර ක්‍රියාත්මක වනු ඇති බවයි ඉන්දියාව පෙන්වා දෙන්නේ.

පුවත යවන්න