විදුලි සේවක වැඩ වර්ජනය ගැන අවසන් තීරණය හෙට

තම වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබද හෙට දිනයේ අවසන් තීන්දුවකට එළඹෙන බව විදුලි වෘත්තිය සමිති පවසනවා.

යුගදනවි විදුලි බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීමට විරෝධය දක්වමින් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වීමට වෘත්තිය සමිති සැලසුම් කර තිබුණා.

ජනතාවට දින දෙකක් අදුරේ සිටීමට සිදුවනු ඇති බවට ඔවුන් මාධ්‍යහමු කිහිපයකදීම අදහස් දක්වමින් මීට පෙර ප්‍රකාශ කළා.

පුවත යවන්න