කොරෝනා පාලනය කළ නොහැකි මට්ටමක / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි

බස්නාහිරින් පිට පළාත් සඳහා පිටවන පුද්ගලයන්ට සිදුකරන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාවලිය මේ වන විට එතරම් සාර්ථකත්වයක් නොපෙන්වන බව ශ්‍රී ලංකා මහජන ​සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය මේ වන විට බස්නාහිර පළාතින් බැහැරටද දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති බවයි.

එම නිසා මේ මොහොතේදී කළ යුත්තේ පිට පළාත්වලින් බස්නාහිරට ඇතුළු වන පුද්ගලයන්ගේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ ආරම්භ කිරීම බවද ඔහු පැවසුවා.

එමෙන්ම කොවිඩ් වයිරසය පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් මහජනතාව සහ විවිධ ආයතන විසින් කොවිඩ් සෞඛ්‍ය මාර්​ගෝපදේශ අනුගමනය නොකිරීම ඊට හේතුව බවත් සභාපතිවරයා අවධාරණය කළා.

පුවත යවන්න