ලෝකයේ වේගවත්ම කොරෝනා එන්නත්කරණය ඉන්දියාවේ

ලොව වඩාත්ම වේගයෙන් කොරෝනා එන්නත්කරණය සිදුකරන රට ලෙස ඉන්දියාව නම් කර තිබෙනවා.ඒ දින කිහිපයක් තුල ලක්ෂ 25 ක පිරිසකට කොරෝනා එන්නත් ලබාදෙමින්.
මේ වන විට ලෝකයේ දැවැන්තම කොරෝනා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ද ඉන්දියාව තුලයි.
කෙසේ වෙතත් මේ දක්වා ප්‍රාන්ත 11ක් තුල ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල සිදුකරන බව ඉන්දීය රජය නිවේදනය කර තිබුණා.
ඒ අනුව දින 13ක් තුල කොරෝනා එන්නත් ලක්ෂ 25ක ඉලක්කය සපුරා ගැනීමට එරට සමත්ව තිබීම විශේෂත්වයක්.
ඒ අනුව දිනකට ලක්ෂ 2ක පමණ පිරිසකට ඉන්දියාව කොරෝනා එන්නත් ලබාදෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

පුවත යවන්න