විකෘතීන් 46කින් සමන්විත නව කොරෝනා ප්‍රභේදයක් ප්‍රංශයෙන් හඳුනාගෙන තිබෙනවා.
විද්‍යාඥයන් විසින් මෙම ප්‍රභේදය නම් කර ඇත්තේ “IHU”ඉයු ප්‍රභේදය ලෙසයි.
මේ වන විට නව ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් 12 දෙනකු වාර්තා වන බවයි ප්‍රංශය තහවුරු කළේ.
මෙහි පවතින විකෘතීන් ප්‍රමාණය අනුව එය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ව්‍යාප්තවීමේ හැකියාවක් ඇති බවටද උපකල්පනය කර තිබෙනවා.
කෙසේ වෙතත් මාරාන්තික භාවය හෝ එන්නත්වලට බලපෑම් කිරීම පිලිබද ප්‍රකාශ කිරීමට කල් වැඩි බවයි ප්‍රංශ විද්‍යාඥයන් සදහන් කළේ.
කැමරුන් රාජ්‍යයේ සංචාරය කළ ප්‍රංශ ජාතිකයන් පිරිසක් මෙම ප්‍රභේදයේ ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව නව ප්‍රභේදය සමග කැමරුන් රාජ්‍යයේ සබඳතාවයක් පවතින බවටයි විශ්වාසය පලවන්නේ.