ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 900ක විදේශ විනිමය ආධාරයක්

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 900 කට වැඩි විදේශ විනිමය ආධාරයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කරගැනීම සඳහා එම ආධාරය ලබාදී ඇති අතර දෙරට අතර මිත්‍රත්වය මෙයින් තහවුරු කරන බවයි ඉන්දීය කොළඹ පිහිටි මහ කොමසාරිස් කාර්යාලය සදහන් කළේ.

මීට පෙර ද ඉන්දියාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කරගැනීම සඳහා ලබාදීමට කටයුතු කර තිබුණා.

මේ අනුව එම මුදලට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක මෙම ආධාරය එකතු වනවා.

මීට අමතරව ශ්‍රී ලංකාව විසින් ආසියානු නිෂ්කාශන බේරුම්කරණ රාමුව යටතේ ඉන්දියාවට ගෙවීමට තිබූ තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

පුවත යවන්න