ජාතික රෝහලේ ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන් ඉහළට

කොළඹ ජාතික රෝහල තුළ මේ වනවිට කොවිඩ් රෝගීන් 75දෙනෙකුට අධික සංඛ්‍යාවක් ඔක්සිජන් මත යැපෙන බවට තොරතුරු අනාවරණවී තිබෙනවා.

එම රෝහලේ කායික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා පැවසුවේ ඔවුන් සියලු දෙනා කෝවිඩ් මර්දන එන්නතෙහි නියමිත මාත්‍රා ලබා නොගත් පුද්ගලයන් බවයි.
ඒ මහතා පැවසුවේ කෝවිඩ් ආසාදිත පුද්ගලයන් 325දෙනෙකු මේ වන විට ජාතික රෝහල තුළ ප්‍රතිකාර ලබන බවයි.

ඩෙල්ටා රැල්ල මෙරට තුල පැවති කාලය තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ කෝව්ඩ් රෝගීන් සංඛ්‍යාවට සමාන රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍ය වැඩිදුරටත් සදහන් කළා.

පුවත යවන්න