මියන්මාරයේ කුමන්ත්රණය පරාජය කිරීමට ලෝකය වහා පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
හමුදා කුමන්ත්රණය පිළිගත නොහැකි බවත් ,මැතිවරණය ප්රතිඵලය ආපසු හැරවීම කිසිසේත්ම පිළි නොගන්නා බවත් ඔහු අවධාරණය කළා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ සම්බන්ධ පියවරක් ගැනීමට තවදුරටත් අවධානය යොමුකරමින් පැවතියද චීනය එවන් ඕනෑම පියවරකට බාධා කරනු ඇති බවයි බී බී සී පුවත් සේවය පවසන්නේ.
ඒ අනුව මේ සඳහා ගත හැකි ඉහළම මට්ටමේ පියවරකට ජගත් සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා.
මේ වන විට එරට හමුදාව භාරයේ පසුවන අවුන්සාන් සූකී මහත්මියට එරෙහිව චෝදනා කිහිපයක් ගොනු කර ඇති අතර, ඇය පෙබරවාරි 15 වන තෙක් රිමාන්ඩ් භාරයේ රදවා තිබෙනවා.
හමුදා ප්රධානී මින් අවුන්ග් හේලින්ගේ නායකත්වයෙන් යුත් කුමන්ත්රණයෙන් පසුව 11 දෙනෙකුගෙන් යුත් හමුදා පාලනයක් ස්ථාපිත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
වසරක් පුරා හදිසි තත්වයක් ප්රකාශයට පත් කර ඇති මියන්මාර හමුදාව පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණයේ ප්රතිඵලය අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.