නිදහසින් පසු රටට වූ හානියට සියළු දේශපාලකයන් වගකිව යුතුයි / කාදිනල් හිමි කියයි

1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසුව රට දිළිදු භාවයට පත්කර ණයගැති රටක් බවට පත්වීමට මෙන්ම රටේ ජනතාව භේද භින්න කිරීමට මේ දක්වා රට පාලනය කළ සියළු දේශපාලකයන් වගකිව යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද ප්‍රකාශ කළා.
ඒ 73 වන නිදහස් දිනය වෙනුවෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී පැවැති කතෝලික දේව මෙහෙයට සහභාගී වෙමින්.
රටේ අනාගතය යහපත් කිරීමට නම් සියළු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පැවසුවා.

“රටේ පොදු සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්නට උත්සහ කරන්නට බැහැ අපට. පසුගිය වසර 20ක 30ක කාලයක සිට මේ දේවල් විකිණීමේ තත්ත්වයකට අපේ රට පත්ව තිබෙනවා. අපට බැරි ආර්ථික ක්‍රම මේ රටට හඳුන්වා දෙන්නට ගිහිල්ලා මේ රට ලෝකයේ නොයෙකුත් රටවල්වල ණය කාරයෙක් බවට පත්කරලා. මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ අපේ රටේ නායකයෝ ගමන්කළ වැරැදි මාර්ග නිසයි. ඒ වගේම මේ ලස්සන දිවයිනේ අද දිවයිනවල් කිහිපයක්ම තියෙනවා. එක එක භාෂා කථාකරන අයට වෙන වෙනම කොටස් තියෙනවා. මේ රට ජාතිය, ආගම, භාෂාව යන පදනම මත බෙදිලා ඉවරයි. මේ බෙදීම් ඇතිකළේ අපේම නායකයෝයි.”

පුවත යවන්න