Skip to content
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා වහාම ධූරයෙන් පහ කිරීමට එරෙට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කර තිබෙනවා.
එරට ජනතාවගේ දැඩි විරෝධයට ලක්ව ඇති ,මතභේදාත්මක අධිකරණයේ බලය අවම කිරීමේ යෝජනාව ඉවත් කරගන්නැයි සිදුකළ ඉල්ලීමෙන් පසු , අමාත්‍ය යෝව් ගාලන්ට් ධූරයෙන් පහ කර තිබුණා.
ආණ්ඩුවේ ඒකමතික තීරණයන්ට එරෙහි වීම මුල්කර ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.
ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ තීරණ වැලැක්වීමේ හැකියාව එරට අධිකරණය වෙත අහිමි කරමින් මෙම සංශෝධනය සිදුකළ අතර ඒ සමග ඊශ්‍රායලය පුරා නොනවතින විරෝධතා හටගෙන තිබෙනවා.
එහිදී ඊශ්‍රායල ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර දෛනික මට්ටමින් ගැටුම් හටගෙන තිබෙනවා.
මෙම තීරණය හකුලා ගැනීමට කටයුතු කරන ලෙසයි අමෙරිකානු රජයද ඊශ්‍රායලය වෙත දැනුම් දී තිබුණේ.