ඕස්ට්‍රේලියාවේ ප්රවෘත්ති සහිත ෆේස් බුක් පිටු තහනම් කිරීමට ෆේස් බුක් සමාගම ගත් තීරණය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි දිනවල එම පිටු සාමාන්‍ය තත්ත්වයට පත්වන බවයි නිවේදනය කර ඇත්තේ.
තම පුවත් ආයතන ෆේස් බුක් හා ගුගල් ඇතුඵු සමාජ ජාලා තුල පළකරන පුවත් සඳහා එම ආයතන විසින් මුදල් ගෙවිය යුතු බවට ඕස්ට්‍රේලියානු රජය විසින් සම්මත කළ නීතියෙන් පසුවයි මෙම තහනම පැනවුණේ.
ඒ අනුව අදාළ නීතිය සම්බන්ධයෙන් යම් එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවය සමත්ව ඇතැයි ද වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ අදාළ නියමය ඉවත් කිරීමේ සූදානමක් නොමැති බවයි.
මේ අතර බ්‍රිතාන්‍ය, කැනඩාව හා යුරෝපා සංගමයේ රටවල් ද මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවට පැනවූ ෆේස් බුක් සීමා කිරීම සමග එම සමාජ ජාලයට දැඩි විවේදනයකට ලක්වූ අතර ලෝකය පුරා ෆේස් බුක් ගිණුම් මකා දැමීමේ රැල්ලක්ද වර්ධනයවී තිබුණා.