ආසාදිතයන් අඩුවීමට හේතුවක් තාම කියන්න බෑ /සෞඛ්‍ය සේවා ,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවීමක් පැවතිය ද ඒ සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව සෞඛ්‍ය සේවා ,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
ඩේලි මේල පුවත්පතට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ , ප්‍රධාන විශේෂිත උප පොකුරු නොමැති විම නිසා ඇතැම්විට ආසාදිතයන් අවම විය හැකි බවයි.
යම් අවස්ථාවක ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වූ විට සති දෙකක පමණ කාලයක් යන තෙක් අතිරේක ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීමේ අවධානමක් පවතින බවද ඔහු පැවසුවා.
මෙය සැබෑ ලෙසම ආසාදිතයන් අවම වූ තත්ත්වයක්ද යන්න පැවසීමට තවමත් කාලය වැඩි බවයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.
මේ සතිය වන විට කොරෝනා ආසාදිතයන්ගේ වාර්තාවීම දෛනිකව 500කට ආසන්න අගයකට පත්ව ඇති අතර එය පෙර මාසයට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමක්.

පුවත යවන්න